
දස පාරමිතා අංක: 35 (මෛත්‍රී පාරමිතාව 03) 18-01-2025
දස පාරමිතා අංක: 35 (මෛත්‍රී පාරමිතාව 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 18th January 2025 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හැට දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2025 ජනවාරි මස 18 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාව තුලින් මෛත්‍රී පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු පැහැදිලි කෙරිණි. මෙහිදී මෛත්‍රිය වැඩීමේ ආනිසංස පැහැදිලි කිරීමට මෙත්තානිසංස සූත්‍රය තුලින් ආනිසංස දහයක් පැහැදිලි කෙරිණි.
එමෙන්ම මිනිසුන් නිරන්තරයෙන් මානසිකව පීඩා විඳින ආකාර තුනක් පැහැදිලි කරමින් මෛත්‍රිය තුලින් එම පීඩාවෙන් මිදෙන ආකාරය පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
- ධර්ම දේශනාව: මෛත්‍රී පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා දේශනාවකි. විශේෂයෙන්ම මිනිසුන් නිරන්තරයෙන් මානසිකව පීඩා විඳින ආකාර තුන ජීවිතයේ අවස්ථා තුලින් පැහැදිලි කිරීම අපට බොහෝ ප්‍රයෝජනවත් වේ.)
- මෛත්‍රීය පුහුණු කිරීමේදී නිතිපතා සති සම්පජඤ්ඤය තුලින් ගැටීම් සහ ඇලීම් අවම කර ගැනීම තුලින් මෛත්‍රීය දියුණු කර ගැනීමට ඉතා හොඳ පදනමක් ඇති වෙනවා නොවේ ද? *** (මෙම වටිනා සාකච්ඡාවේදී චිත්තානුපස්සනාව සහ ධම්මනුපස්සනාව තුලින් මෛත්‍රිය දියුණු කරගැනීමට සුදුසු පදනමක් ඇතිකර ගත හැකි ආකාරය පැහැදිලි කෙරිණි. මෙම ක්‍රමය ආධ්‍යාත්මික දැක්මක් තුලින් මෛත්‍රිය දියුණු කරගැනීමට හොඳ පදනමක් ඇති කර දෙන එක් ක්‍රමයක් වේ. එමෙන්ම වර්ථමානයේ දී තමන්ට මෛත්‍රිය පළමුවෙන් පුහුණු කිරීමේ දී ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව සියුම් කරුණු මතු කෙරිණි.)
- විශාක තෙරුන් වහන්සේ පිලිබඳ සිද්ධිය පදනම් කොට ගෙන ස්වාමීන්වහන්සේ සඳහන් කල වර්ථමාන පර්යේෂණය පිළිබඳව පරස්පරතාවයක් දැනෙනවා. එය පැහැදිලි කර දෙන්න. ***
- නමරුප පරිඡේද ඥානය පිළිබඳව පැහැදිලි කරන්න. ***
- දහම්සෙවන අනුශාසක ස්වාමින්වහන්සේ දැක්වූ අදහස්. ***
- නින්දේ දී බියකරු සිහින පෙනී බියට පත්වීම ද්වේෂය ඇතිවීමක් ලෙස අර්ථ දැක්විය හැකිද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අපේ ගෙදර අම්මා, තාත්තා, අක්කා මම අතර කිසිම සමගියක් නැ. කතාබහ කරන්නෙත් නැති තරම්. එකිනෙකාට පේන්න බැහැ. අක්කා හරිම අකීකරැයි නිතරම මූණ එල්ලගෙන වෛරයෙන් ඉන්නෙ. රෑට tv බලනව. අපිට හරියට නිදාගන්නත් නැහැ. හාමුදුරැවනේ අපි සතුටෙන් ඉන්න කරන්න ඕන දේ මොනවාදැයි පහදා දෙන්න. *** (ඉතා වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමක් සහ උපදේශනයකි.)
- සිත භවාංගයේ තිබියදී අරමුණු ගන්නවා ද? ***
- අසූ මහරහතන් වහන්සේලාගෙන් මෛත්‍රියට අග්‍ර වූ ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේට පසුකාලීනව ඉපදුනේ මන්දැයි පැහැදිලි කරන්න. ***
- මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.