
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
මෙය ඉතා වැදගත් මාතෘකාවක් වන්නේ අප සිදුකරන ඕනෑම කුසලයකින් නිර්වාණ අවබෝධය පිණිස හේතු නොවන නිසාවෙනි. එබැවින් සියළුම බෞද්ධයන් නිවනට උපකාර වෙන ලෙසට කුසල් සිදුකරන ආකාරය පිළිබඳව දැනගැනීම බෙහෙවින් වටිනා වේ.
පැහැදිලි ඉලක්කයක් ඇතිව කුසල් කිරීමේ අවශ්‍යතාවය, නිවන සඳහා උත්සහ කිරීමේදී ඇති අගතිගාමී පිළිවෙත්, නිවන ඉලක්ක කරගෙන භාවනා සහ කුසල් කරන විට ඇතිවිය යුතු අනිවාර්ය ලක්ෂණ තුන, හේතු සහ ප්‍රත්‍ය පැහැදිලිව වටහා ගැනීමේ වැදගත්කම යනාදී වටිනා කරුණු මෙහි පැහැදිලි කෙරේ. එමෙන්ම නිවන ඉලක්ක කරගෙන සිදුකරන පාරමී කුසල් වල තිබිය යුතු ගුණාංගයන් සහ කෙලෙස් වලින් නිදහස් වූ ස්වභාවය මෙම දේශනාවේ හොඳින් විස්තර කෙරේ.
“නිර්වාණ අවබෝධය පිණිස කුසල් සිත් වැඩි දියුණු කරන ආකාරය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 27 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී. මෙම මහඟු ධර්ම දානය, වර්ෂ 2020 ඔක්තෝබර් මස 30 දින පරලොව සැපත් ආර්. එම්. ගුණසේකර ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු මියගිය ඥාතීන් හට පිං පිණිස ටී. එම්. රන්මැණිකේ බිරිඳ සහ දූදරුවන් විසින් සිදුකරන ලදී.