ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට. (05-03-2022)

Image by ธนาวุธ เกตุชีพ from Pixabay

ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට යන මෙම ධර්ම දේශනාව සුවිශේෂ කරුණක් නිසා ගිහියන්ට වැදගත් වේ.  එනම් ගිහියන් ඇතැම් දෙනා විශ්වාස කරන පරිදි ‘සෝවාන් වීමට නම් මහණ විය යුතුය’ යන සාවද්‍ය කරුණ පිළිබඳව පැති කිහිපයකින් සිදු කෙරෙන පහදා දීම නිසාවෙනි.

එකම නිවන් මග සාක්‍ෂාත් කරගැනීමට ගිහි සහ පැවිදි ප්‍රතිපදා දෙකේ අතර ඇති වෙනස සහ එම ප්‍රතිපදාවන් හොඳින් වටහා නොගැනීම නිසා සිදුවිය හැකි, සෝවාන් මග ඇහිරෙන විකෘති මොනවාද යන්න ප්‍රායෝගිකව මෙහිදී මනාව පැහැදිලි කෙරේ. 

එපමණක් නොව දහසක් ආකාරයට නිවන සාක්‍ෂාත් කරනවා යන්න කවරේදැයි මෙහි දී පැහැදිලි කෙරේ.  එමෙන්ම සෝවාන් ඵලය සාක්‍ෂාත් කරගැනීමට වර්ධනය කලයුතු සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරේ.

“ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“ගිහි ජීවිතයේ සිට සෝවාන් මගට” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, මහා වර්ගයේ, සෝතාපත්ති සංයුක්තයේ, සගාථකපුඤ්‌ඤාභිසන්‌ද වර්ගයේ ඇති අඞ්‌ග සූත්‍රයයි.
එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: අඞ්‌ග සූත්‍රය.

මෙම මහඟු ධර්ම දානය, අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2022 මාර්තු 05 දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙතැනින් පිවිසෙන්න.