බුදු දහමේ දැක්වෙන පටිච්චසමුප්පාදයේ වැදගත් කම.

දහම් අමා ගඟ අංක: 02 – බුදු දහමේ දැක්වෙන පටිච්චසමුප්පාදයේ වැදගත් කම. (19-03-2023)

බුදු දහමේ දැක්වෙන පටිච්චසමුප්පාදයේ වැදගත් කම පිළිබඳ මෙම ධර්ම දේශනාව, “බුදු දහම යනු කුමක් ද?” යන පළමු දේශනාවේ දිගුවක් ලෙස සිදු කෙරිණි. 

දහම් අමා ගඟ, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් බුද්ධ ධර්මයේ මූලික සිද්ධාන්ත කෙටියෙන් පැහැදිලි කරමින් ක්‍රමයෙන් දහමේ ගැඹුරට පිවිසෙන නව ධර්ම දේශනා මාලාවයි. 

මෙම දෙවන ධර්ම දේශනාව තුලින් පහත සඳහන් වටිනා කරුණු පැහැදිලි කෙරේ.

  1. පටිච්චසමුප්පාදය යනු හේතුව නිසා ඵලය හට ගැනීම යන ස්වභාව ධර්ම න්‍යාය බව පැහැදිලි කිරීම. 
  2. හේතුව, ප්‍රත්‍ය සහ ඵලය අතර ඇති වෙනස සහ එහි ඇති සම්බන්ධ තාවය දැන ගැනීමේ වැදගත්කම පැහැදිලි කිරීම.
  3. හේතු ඵල ධර්මය වටහා ගැනීම සඳහා නියාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වයත් වටහා ගැනීමේ වැදගත් කම පැහැදිලි කිරීම.
  4. එම නියාම ධර්ම වල කර්ම නියාමය පිළිබඳ පැහැදිලි කිරීම ආරම්භ කිරීම.

මෙම Daham Ama Ganga – දහම් අමා ගඟ දේශනා මාලාවේ පෙර කල ධර්ම දේශනා වල යොමුවන් ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.