Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013: අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන වටිනා දීර්ඝ දේශනා මාලාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකරන ලදී.  නිවන් දැකීම සඳහා ගුණධර්ම පුහුණු කරන අය විසින් දියුණු කලයුතු මහා පුරුෂ විතර්ක පිළිබඳව අනුරුද්ධ සූත්‍රය ඇසුරින් මෙහිදී විස්තරාත්මකව පැහැදිලි කරන ලදී. 

මෙම වටිනා සහ දීර්ඝ දේශනා මාලාවේ ඇතැම් දේශනා මේ වනවිට සොයාගැනීමට නොහැක. දැනට එම දේශනා මාලාවේ දේශනා 86 ක් අප වෙත ඇත. එම දේශනා ඉදිරියේදී සම්පුර්ණ වශයෙන් මෙහි පල කෙරෙනු ඇත.  එමෙන්ම මේ සියලු දේශනා ශ්‍රාවකයින් හට වෙබ් අඩවියෙන් පහසුවෙන් බාගත කල හැක.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ, ගහපති වර්ගයේ එන අනුරුද්‌ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

  1. අනුරුද්ධ සූත්‍රය – හැඳින්වීම.
  2. අනුරුද්ධ සූත්‍රය – අත්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය.
  3. අනුරුද්ධ සූත්‍රය – මහිච්ඡතාවය සහ අල්පේච්ඡතාවය.
  4. අනුරුද්ධ සූත්‍රය – මහිච්ඡතාවය සහ පාපිච්ඡතාවය.
  5. අනුරුද්ධ සූත්‍රය – අල්පේච්ඡතාවය පුහුණු කරන ආකාරය – 01.
  6. අනුරුද්ධ සූත්‍රය – අල්පේච්ඡතාවය පුහුණු කරන ආකාරය – 02.
  7. අනුරුද්ධ සූත්‍රය – සතුටින් සිටීම පුරුදු කිරීම.
  8. අනුරුද්ධ සූත්‍රය – සාමිස සතුට. 
  9. අනුරුද්ධ සූත්‍රය – සාමිස සතුට සහ එහි ඇති ආදීනව.
  10. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාය විවේකය සහ ආරණ්‍ය ගතවීම. (සඞ්ගණිකාරාමය යනු පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කිරීමයි.)
  11. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – චිත්ත විවේකය.
  12. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය, පැවැත්ම සහ නැවැත්ම.
  13. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය ඇතිවීමේ හේතුව. 
  14. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – අසුභ නිමිත්ත සහ අසුභ භාවනාව.
  15. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – ඉන්ද්‍රිය සංවරය.
  16. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – ආහාරයේ පමණ දැනීම.
  17. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – කල්‍යාණ මිත්‍ර ඇසුර.
  18. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – සප්පාය කථා.
  19. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ව්‍යාපාදය සහ එහි නොයෙක් පැතිකඩ.
  20. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – පටිඝ නිමිත්ත, යෝනිසෝමනසිකාරය සහ මෛත්‍රී නිමිත්ත.
  21. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – සිහියෙන් සහ නුවණින් යුතුව මෛත්‍රී නිමිත්ත ඇතිවන සහ නැතිවන ආකාරය වටහා ගැනීම.
  22. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ක්ලේශයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් වෙන්කර ගනිමින් මෛත්‍රියේ බලය දියුණු කිරීම.
  23. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කර්මය ස්වකීය කොට ඇති බව තේරුම් ගනිමින් ව්‍යාපාදය දුරු කිරීම.
  24. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ප්‍රඥාවෙන් යුතුව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ද්වේෂය දුරු කිරීම.
  25. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ථීනමිද්දය.
  26. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු තුලින් ථීනමිද්දය දුරුකිරීම.
  27. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – විචිකිච්චාව.
  28. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – විචිකිච්චාව දුරු කරන ආකාරය 01.
  29. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – විචිකිච්චාව දුරු කරන ආකාරය 02.
  30. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය.
  31. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරිහත් මාර්ග ඥානයන්.
  32. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – සෝවාන් මග දියුණු කිරීම.
  33. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – පටිච්චසමුප්පාදය.
  34. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – දුක්ඛ ලක්‍ෂණය 01.
  35. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – දුක්ඛ ලක්‍ෂණය 02.
  36. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – අනාත්ම ලක්‍ෂණය සරලව දැක ගැනීම.
  37. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – අනාත්ම ලක්‍ෂණය නිවැරදිව දැක ගැනීම.
  38. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – චතුරාර්‍යසත්‍ය සහ දුක්ඛ ලක්‍ෂණය.
  39. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – දුක්ඛ ආර්ය සත්‍යයේ ඇති කරුණු.
  40. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – උපාදානස්කන්ධය සහ උපාදානය.
  41. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – උපාදානය සහ මතකය / භුක්තිවිඳීම සහ සිහිකිරීම.
  42. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – උපධි විවේකය – දුක්ඛ සමුදය සත්‍ය – හේතු, ප්‍රත්‍ය සහ අනාර්ය පර්යේෂණය.

 

මතු සම්බන්ධයි….