පටික්කූලමනසිකාරය – විජ්ජාචරණ අංක: 08 (21-01-2024)

පටික්කූලමනසිකාරය - විජ්ජාචරණ අංක: 08 (21-01-2024)

පටික්කූලමනසිකාරය – විජ්ජාචරණ අංක: 08 (21-01-2024)

කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු මෙම විජ්ජාචරණ අංක: 08 වැඩ සටහනේ දී පටික්කූලමනසිකාරය, අශුභානුස්සතිය, මරණානුස්සතිය සහ සතිය දියුණු කිරීම පිළිබඳව ඉතා වටිනා කරුණු පැහැදිලි කෙරිණි.  අපගේ සිත් ඉතා දිගු සසරේ දී අප ප්‍රිය කරන අරමුණු කෙරේ නැවත නැවතත් ඇලීම නිසා කෙලෙසෙන ආකාරයත්, එම ඇලීමට හේතු වෙන කරුණු පිළිබඳව වෙනත් ආකාරයකට නොඇලෙන කරුණු මතු කරමින් දැකීමට පුහුණු වීම පටික්කූලමනසිකාරය ලෙස මෙහි දී විශිෂ්ට ආකාරයෙන් පැහැදිලි කෙරේ.

එමෙන්ම විශේෂයෙන් පටික්කූලමනසිකාරය නිසා අප තුල ගැටීම ඇති නොවන ආකාරයෙන් සිදු කිරීමට නම් අප සතිය සහ සම්පජඤ්ඤය යොදාගත යුතු ආකාරයත් මෙහි දී පැහැදිලි කෙරේ.

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට යන්න බෞද්ධයන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන දහම් පැන විසඳුම් වැඩ සටහනකි.  “අප දහම තුල යා යුතු මග හොඳින් දැන ගෙන දහම් මග යාම දියුණු කර ගැනීම” මෙම වැඩසටහනේ අරමුණ වේ. 

මෙම භාවනා වැඩසටහන සෑම මසකම තුන්වන ඉරු දින කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.  අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදුකෙරෙන මෙම වැඩ සටහනට සහභාගී වීමට කැමති පින්වතුන් භාවනා මධ්‍යස්ථානයෙන් කලින් විමසා දැන ගන්න.  භාවනා මධ්‍යස්ථානයේ දුරකථන අංකය 0812570732

විජ්ජාචරණ පසුගිය වැඩ සටහන් ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කල අනෙකුත් දේශනා සහ ධර්ම සාකච්ඡා වල යොමුවන් ඇතුලත් මූලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.