අති පූජනීය හේනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ සමග සිදුකල දුර්ලභ ධර්ම සාකච්ඡාවක්.

අති පූජනීය හේනේපොල ගුණරතන මහ තෙරුන් වහන්සේ සමග පූජනීය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේදී සිදුකල දුර්ලභ ධර්ම සාකච්ඡාවකි. මෙම සාකච්ඡාව සිදුකරන විට ස්වාමින් වහන්සේ 95 වෙනි වියේ පසුවිණි. 

මෙම විරල ධර්ම සාකච්ඡාවේ ශබ්දය වැඩිදියුණු කල mp3 හඬ පටය පහතින් දැක්වේ.

මෙම මහඟු ධර්ම සාකච්ඡාවේ පහත සඳහන් මූලික කරුණු ඇතුලත් වේ.

  1. බටහිර ලෝකයේ ප්‍රචලිත ”Mindfulness” සහ බුදුරජාණන් වහන්සේ දේශනා කල සතිය සහ භාවනා මාර්ගයේ ඇති වෙනස්කම් මොනවා ද?
  2. නිවැරදි භාවනා ගුරුවරයෙකු සොයාගන්නා නිර්ණායකයන් මොනවා ද?
  3. නිවන් දැකීමට භාවනාව අත්‍යවශ්‍ය ද?
  4. බුදු රජාණන් ගෙන් බන අසා නිවන් දැක්කේ කෙසේ ද?
  5. අනාපානසති භාවනාව නිවැරදිව ප්‍රගුණ කල යුත්තේ කෙසේ ද?
  6. භාවනාවේ දී සිත එකඟ කරගන්නේ කෙසේ ද?
  7. සිල්වත් බව භාවනාවට අත්‍යවශ්‍ය වේ ද?
  8. භාවනාව දිගු කාලීනව සිදු කරන්නේ කෙසේද ?
  9. භාවනාව අධ්‍යාපනයට උදව් වන ආකාරය.