Maha Vedalla Sutta – මහා වෙදල්ල සූත්‍රය – 2022

Image by KANHA TOR from Pixabay

Maha Vedalla Sutta – මහා වෙදල්ල සූත්‍රය මූලික කරගත් ධර්ම දේශනා මාලාවක් සහ ධර්ම සාකච්ඡාවන් පෙළක් අන්තර්ජාල zoom තාක්‍ෂණය ඔස්සේ අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2022 පෙබරවාරි මාසයේ පොහොය දිනයේදී ආරම්භ කෙරිණි.  මෙම වැඩසටහන මාසික දහම් වැඩසටහනකි. 

අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමෙන් පමණක් විපස්සනාව වඩන ආකාරය පිළිබඳව පුහුණු කරන්නාවූ විරල ගනයේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකි. සක්මන් භාවනාව, සතිය සහ ප්‍රඥාව වර්ධනය කිරීමට මහෝපකාරී වන කර්මස්ථානයකි. එමෙන්ම ගෞරවනීය ස්වාමින්වන්සේ කාර්ය බහුල ගෘහ ජීවිත ගත කරන අයට නිවෙස් තුලදීම දියුණු කල හැකි ආකාරයට මෙම මග පෙන්වීම සිදුකිරීම විශේෂයෙන් වැදගත් වේ.

මහා වෙදල්ල සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: මහා වෙදල්ල සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – මහා වෙදල්ල සූත්‍රය. (16-02-2022)
  2. ධර්ම සාකච්ඡාව 01 – මහා වෙදල්ල සූත්‍රය. (16-02-2022)
  3. ධර්ම දේශනාව 02 – මහා වෙදල්ල සූත්‍රය. (17-03-2022)
  4. ධර්ම සාකච්ඡාව 02 – මහා වෙදල්ල සූත්‍රය. (17-03-2022)
  5. ධර්ම දේශනාව 03 – මහා වෙදල්ල සූත්‍රය. (16-04-2022)
  6. ධර්ම සාකච්ඡාව 03 – මහා වෙදල්ල සූත්‍රය. (16-04-2022)
  7. ධර්ම දේශනාව 04 – මහා වෙදල්ල සූත්‍රය. (15-05-2022)
  8. ධර්ම සාකච්ඡාව 04 – මහා වෙදල්ල සූත්‍රය. (15-05-2022)

මතු සම්බන්ධයි…

අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ විසින් සිදුකල අනෙකුත් ධර්ම දේශනා/සාකච්ඡා ඇතුලත් ප්‍රධාන වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.