Saturday Dhamma Discussion – 46 (27-11-2021)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 46 (චිත්තොපක්ලෙශ ධර්ම: 09ප්‍රමාදය.)

Saturday Dhamma Discussion – 46 was conducted on 27 November 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 46 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් හය වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 නොවැම්බර් මස 27 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල දහසයවෙනි චිත්තොපක්ලෙශ ධර්මය වන ප්‍රමාදය පාදක කරගෙන සිදුකරනු ලැබීනි. ප්‍රමාදී බව සහ අප්‍රමාදී බව, බුද්ධ ශාසනයේ නිරන්තරයෙන් සඳහන් වෙන වැදගත් කරනා දෙකකි.  බුදුරජාණන් වහන්සේගේ සමස්ථ දේශනාවම අප්‍රමාදී බව මත රඳා පවතින දේශනාවකි. එබැවින් අප්‍රමාදී බවට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රමාදී බව චිත්තොපක්ලෙශ ධර්මයක් ලෙසට බුදුරජාණන් වහන්සේ වත්ථුපම සූත්‍රයේ දක්වා තිබෙනවා.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල ප්‍රමාදය පහදා එය දුරුකරන ආකාරය පැහැදිලි කරන්න. ***
  2. සෑම කුසලයක්ම අප්‍රමාදයට හේතු වෙනවාද? ***
  3. අභිධර්මයට අනුව දියුණු කල හැක්කේ චෛතසික පමණක්ද?
  4. ගණිත ගැටළු විසඳීමේදී ඇතිවන්නේ කවර සිත් ද?
  5. සති චෛතසිකය කුසලයක් සමග පමණක් ඇතිවන්නක් බව පැහැදිලි කරන්න.
  6. අතීතයේ සිදුකල පිං සිහි කිරීම ක්ලේශ කාමයක් ද? ***
  7. රූප ඇතිවීමට සතර මහා ධාතු හේතුවන ආකාරයට වින්ඥානය ඇතිවීමටත් සතර මහා ධාතු හේතු වේද?
  8. ඥාන සම්ප්‍රයුක්ත සිතක සහ ඥාන විප්‍රයුක්ත සිතක වෙනස පැහැදිලි කරන්න. ***
  9. ද්විහේතුක කුසල කර්මයකින් උපන් අයෙකුට දියුණු කල හැකි ප්‍රතිපදාව කුමක්ද? ***
  10. ශබ්දය ශුධාශ්ටකයක් ලෙස සලකන්නේ නැත්තේද?
  11. කාලයක් පවත්වාගෙන ගිය ධ්‍යාන සිතක් රාග සිතකින් බිඳෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
  12. භාවනා ඉරියව්වකදී ඇතිවන ශාරීරික පීඩාව සහ සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන ශරීර පිඩා දෙකෙහි වෙනස පැහැදිලි කරන්න. ***
  13. සම්පප්‍රලාප නොකීමට අධිෂ්ඨාන කල ඇති මුත් සමාජයේ එවන් සම්පප්‍රලාප සිදු වනවිට ඇතිවන අකමැති වීම ඇතිවීම ගැන කුමක් කල යුතුද? *** (සත්භාවය උපාදන කරගත් විට ඇතිවන මනසේ ඇතිවන තත්ත්වය පිළිබඳව සිදුකෙරෙන ඉතා වටිනා උපදෙශයෙකි.)
  14. එදිනෙදා ජීවිතයේදී සතිය පිහිටවීම පිලිබඳව ලංකාවේ එක් භාවනා ගුරුකුලයක් දක්වන ආකාරයට සතිමත් බව ගෘහනියකට මුළුතැන් ගේ කටයුතුවල යෙදීමේදී ඇතිකර ගත හැකිද? *** (සතිමත් බව පිලිබඳ වටිනා පිළිතුරකි.)
  15. සෝවාන් මාර්ග ඥානයෙන් පසු ප්‍රත්‍යවේක්ෂා කරන කරුණු මොනවාද සහ සිදුවන ආකාරය පැහැදිලි කර දෙන්න.
  16. අතීතයේ සිදුකල යම් ආකාරයේ දෝෂ ඇති පින්කම් නැවත ඥාන සම්ප්‍රයුක්ත ලෙස සිහිකිරීමෙන් යහපත් ප්‍රතිඵලයක් ඇතිවේද?
  17. මෛත්‍රී සිතට සමීප ආදරය, කරුණාව ආදී සිත් කෙබඳුදැයි විස්තර කරන්න. ***
  18. පින්කම් කරද්දී එහි ආනිසංස සිහි කරමින් කල යුතුද එසේ නැතිනම් එයත් අනිත්‍ය වශයෙන් දැකිය යුතුද?
  19. කෙනෙක් සොරකම් කර සැප විඳින්නේ නම් එම සැපය පෙර කුසල විපාකයක්ද?
  20. අකුසල් සිතුවිලි කුසල් සිතුවිලි බවට පත්කර ගන්නේ කෙසේද?
  21. සිතට ද්වේෂයක් පැමිණි විට එය අකුසල කර්ම පථයක් වේද? ***
  22. කෙනෙක් වැරැද්දක් කරන විට එය ප්‍රඥාවන්තව පෙන්වා දීම සිදු කල යුත්තේ කෙසේද? ***
  23. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.