Saturday Dhamma Discussion – 45 (20-11-2021)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 45 (චිත්තොපක්ලෙශ ධර්ම: 08 – මදය.)

Saturday Dhamma Discussion – 45 was conducted on 20 November 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 45 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් පස් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 නොවැම්බර් මස 20 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල පහළොස්වෙනි චිත්තොපක්ලෙශ ධර්මය වන මදය (මත්වීම) පාදක කරගෙන සිදුකරනු ලැබීනි. මානසික ක්ලේශ ධර්මයන් පදනම් කොට ගෙන ඇතිවෙන මත්වීම මෙහිදී පැහැදිලි කෙරේ.  විවිධ කරනා හේතු කොට ගෙන බලවත් වෙන මෝහය සහ මානය නිසා මෙම මානසික මත්වීම සිදු වේ. ඒ ආකාරයෙන් මානසික මත්වීම සිදුවන කරුණු 27ක් පිළිබඳව විභංග ප්‍රකරණයේ දැක්වේ.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල මදය (මත්වීම) පහදා එය දුරුකරන ආකාරය පැහැදිලි කරන්න. ***
  2. මදුරුවන් නොමැරීම වැනි ශීලමය ප්‍රතිපදාවක් තුලින් ගැඹුරු විපස්සනාවකට පිවිසෙන ආකාරය. *** (ශීලය භාවනාව දියුණු කිරීමට අත්‍යවශ්‍ය පදනමක් වේ. එවන් පදනමක එදිනෙදා ජීවිතයේ ගත කරමින් ගැඹුරු විපස්සනාවකට පිවිසීමේ වැදගත්කම සහ පිවිසෙන ආකාරය මෙයින් පැහැදිලි කෙරේ.
  3. ධ්‍යාන මදය ඇතිවූ අයකුගේ ධ්‍යානය පිරිහේද? *** (මනාව පුරුදු පුහුණු කල ධ්‍යාන පිරිහීමට ලක් වන්නේ කවර හේතු මතදැයි මෙහි පැහැදිලි කෙරේ.)
  4. ධර්ම දේශනාවකදී ස්වාමින්වහන්සේලා දෙවියන්ට ආරාධනා කරන ගාථා වල තේරුම සහ එය ගිහියන් විසින් කීමට උචිත දැයි පහදා දෙන්න.
  5. මදය අකුසලයක් ලෙස විපාක දෙන්නේ කෙසේද? *** (සෑම ක්ලේශයක්ම කර්ම පථ බවට පත් නොවන බව සහ එනමුදු ඒවා කර්ම පථ සකස් කිරීමට හේතු විය හැකි බවත් මෙහි පැහැදිලි කෙරේ.)
  6. ධර්ම දේශනාවක් අවසානයේදී දේශකයාණන් වහන්සේට කෙතරම් ආකාරයෙන් කෘතගුණ සැලකිය යුතුද? *** (ස්වාමින්වහන්සේලට පුජා කිරීමේදී වර්ථමානයේ බෞද්ධයන් හට වැදගත් වෙන කරුණු බොහොමයක් ඇතුලත් පිළිතුරකි.)
  7. අනිත්‍ය මෙනෙහි කිරීම ජීවින ප්‍රශ්න ඇතිවන විට අපහසු වීම ගැන උපදේශයක් දෙන්න.
  8. “අභිවාදන සීලිස්ස…” ගාථාව ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන විට දායකයා විසින් සිදුකල යුත්තේ කුමක්ද?
  9. විද්‍යුත් නාලිකා වල ධර්ම දේශනා වලට සවන් දීමේදී අප තෝරාගැනීම් සිදුකරන්නේ මානයක් නිසාද?
  10. මුදල් පිරිකර වශයෙන් ස්වාමීන්වහන්සේලාට පූජා කිරීම වරදක්ද? ***
  11. කුසල් සිත් වල ඇතිවෙන ශ්‍රද්ධා චෛතසිකය අන්‍ය ආගමිකයෙකුට ඇති වෙනවද? ***
  12. පංචස්කන්ධය සහ පංචඋපාධානස්කන්ධය එකක් ද නැතිනම් දෙකක්ද?
  13. කැපකරුවෙක් නොමැති විට මුදල් පිරිකර වශයෙන් පූජා කිරීමේදී කුමක් කල යුතුද?
  14. කටින පිංකමක් ධාර්මිකව සිදුකිරීමෙන් පසු මියගිය විට මිනිස් ආත්මයෙන් පහල ආත්මයකට නොවැටී සිටිය හැකිද?
  15. මෙත් වැඩීම කරන සෑම ක්ෂණයකින්ම එය කුසල කාර්ම පථයක් වේද?
  16. ඛන්ධ පබ්බය යනු කුමක්ද?
  17. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.