Saturday Dhamma Discussion – 36 (18-09-2021)

Saturday Dhamma Discussion – 36 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාවඅංක: 36)

Saturday Dhamma Discussion – 36 was conducted on 18 September 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 36 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස් හය වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 සැප්තැම්බර් මස 18 දින සිදුකරන ලදී.  පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්ඡාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සාකච්ඡාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ චතුරාර්‍ය සත්‍ය ධර්මයේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


මෙවර ධර්ම සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. අවබෝධ කිරීමට අපහසු වූ නිරෝධ ආර්ය සත්‍ය පැහැදිලි කරන්න. ***
  2. ආයතන හයෙන් ගන්නා අරමුණු තුලින් ඇතිවන තෘෂ්ණාව දැනගැනීම නිසා නිරෝධය ඇතිවිය හැකිද? ***
  3. ආනන්තරිය පාප කර්මය බලපාන්නේ මනුෂ්‍යයන්ට පමණද?
  4. දුක්ඛ ස්වභාවය පරින්ඥාවෙන් දැනගැනීම සහ අභින්ඥාවෙන් දැනගැනීම යන දෙකේ වෙනස පහදා දෙන්න.
  5. විඥානයයි ස්පර්ශයයි නිසා තණ්හාව ඇතිවෙන අවස්ථා 10 නැතිකිරීම සිදුකල හැකි දෙයක්ද? *** (මෙම පැනය පසුගිය සතියේ ස්වාමින්වහන්සේ සමුදය සත්‍ය පිළිබඳව සිදුකල දේශනාවට සම්බන්ධ වේ. එම දේශනාවට මෙතනින් පිවිසීමට හැක.) 
  6. සෑම සිතකම තෘෂ්ණාව තිබෙනවද? **
  7. අනාපානසතිය කිරීමේදී හුස්ම නොදනී ගියපසු එය විදර්ශනාවට හරවන්නේ කෙසේද? **
  8. ආහාරයක රසයක් පිලිබඳ මතකයක් ගැන තණ්හාව ඇතිවෙනවා ද?
  9. ආහාරයේ පටික්කුල සංඥාව වඩන්නේ කෙසේද? ***
  10. ද්වේශ මුලික සිතක් හටගන්නේද තෘෂ්ණාව නිසා නොවේද?
  11. තණ්හාව නැතිකර ගැනීමට පුන්‍යාභිසංකාර යෙදෙන ආකාරය පැහැදිලි කරන්න. ***
  12. වේදනා පච්චයා තණ්හා නිසා වේදනාවෙහි ගැටීම ඇතිවන විටත් තණ්හාව ඇතිවනවාද? ***
  13. ආහාරයේ පටික්කුල සංඥාව වඩනා ආකාරයට අනෙක් ඉන්ද්‍රියන් සඳහාත් ක්‍රමයක් තිබේද? ***
  14. අපගේ එදිනෙදා ජීවිතයේදී යෝනිසෝමනසිකාරය පුහුණු කිරීමට අභ්‍යාසයක් කියා දෙන්න. ***
  15. අවසානය.

 

One thought on “Saturday Dhamma Discussion – 36 (18-09-2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.