දස පාරමිතා අංක: 28 (ක්ෂාන්ති පාරමිතාව 03) 16-11-2024

දස පාරමිතා අංක: 28 (ක්ෂාන්ති පාරමිතාව 03) 16-11-2024

දස පාරමිතා අංක: 28 (ක්ෂාන්ති පාරමිතාව 03) 16-11-2024

දස පාරමිතා අංක: 28 (ක්ෂාන්ති පාරමිතාව 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 16th November 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 නොවැම්බර් මස 16 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ක්ෂාන්ති පාරමිතාව ගුණ දහම් වැඩීමේ මූලධර්මයක් වශයෙන් යෙදෙන ආකාරය පැහැදිලි කරන ලදී.  එමෙන්ම ක්ෂාන්තිය පුහුණු කිරීමේදී එය ආත්ම මූලිකව, සමාජ මූලිකව සහ ආධ්‍යාත්මික මූලිකව දියුණු කරන ආකාරය ඉතා වටිනා ආකාරයෙන් පැහැදිලි කෙරිණි.  අද දින දේශනාවෙන් ක්ෂාන්ති පාරමිතාව අවසන් කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ක්ෂාන්ති පාරමිතාව ගුණදහම් වැඩීමේ මූලධර්මයක් වශයෙන් යෙදෙන ආකාරය පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා සහ විශිෂ්ඨ කරුණු මතුකෙරෙන ධර්ම දේශනාවකි.)
  2. සිඟාලෝවාද සූත්‍රය සමාජ සංස්ථාවන් මූලික කරගෙන දේශනා කලත් එහි දැක්වෙන ගුණයන් ආධ්‍යාත්මික මුලිකව පදනම් කරමින් ක්ෂාන්ති පාරමිතාව දියුණු කිරීමට යොදාගත හැකිවෙනවා නොවේ ද? *** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිළි කිරීමකි.  මෙහිදී සඳහන් කෙරෙන, ගරු ස්වාමින්වන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රය පිලිබඳ සිදුකල වටිනා ධර්ම දේශනාවට මෙතැනින් පිවිසෙන්න: සිඟාලෝවාද සූත්‍රය.)
  3. ක්ෂාන්තිවාදී ජාතකයේ එම මහ බෝසත් තපස තුමා තමා එලෙස මහ බෝසත්වරයෙකු බව දැනගෙන එම ක්ෂාන්ති පාරමිතාව පූර්ණය කලාද සහ බුදුදහමට අනුව වෙනත් සමාජ වලදී සහ සමාජ භූමිකා වලදී අප හැසිරිය යුත්තේ කෙලෙසින් ද? *** (ඉතා වටිනා පැනයන් සහ පැහැදිළි කිරීම් වේ.)
  4. ආත්ම මුලික, සමාජ මුලික සහ ආධ්‍යාත්මික මුලික පදනම් ගැන මාහට ඇතිව තියෙන පැටලවීම නිරවුල් කර දෙන්න. *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  5. ස්වාමීනි,යම් පුද්ගලයෙක් තම රෝගී මව බලා ගැනීමට වඩා පොහය දින අටසිල් සමාදන් වීම වඩා කුසල් රැස් වන බව කියනවා. මෙය පැහැදිලි කරන ලෙසට කාරුණිකව ඉල්ලමි. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. පාරමී පුරනවා යනුවෙන් අරමුණු කර ගන්නේ නැතිව, පස් පවෙන් වැලකෙමින් කටයුතු කිරීම පමණක් ධර්මාවභෝදයට නොසැහේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.