පටිච්චසමුප්පාදය අංක: 07 (27-05-2023)

පටිචිචසමුප්පාදය අංක: 07 – තණ්හා පච්චයා උපාදානං (27-05-2023)

පටිච්චසමුප්පාදය අංක: 07 – Saturday Dhamma Discussion was conducted via Zoom on 27 May 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හය වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 මැයි මස 27 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ හත්වන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ දැක්වෙන තණ්හා පච්චයා උපාදානං යන්න මැනවින් පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේදී ද ධර්ම දේශනාවට සම්බන්ධ බොහෝ වටිනා ප්‍රශ්න ඇසීම සහ ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදුවිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: තණ්හා පච්චයා උපාදානං යන්න පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා දේශනාවකි. මෙහිදී උපාදානයන් ඇතිවෙන ආකාරයත් ඒවායේ ප්‍රභේදත් පැහැදිලි කෙරේ.)
  2. ජීවිතය තුල අප උපාදානයන් අඩුකර ගත්තා වුවත් එහි මූලය පවතිනවා නොවේ ද? *** (අවිද්‍යාව අඩුවෙන විට උපාදාන අඩුවෙන ආකාරය සහ පුද්ගලයන්ගේ උපාදනය එක එක අංශ වලට යෙදෙන ආකාරය සහ එය සමබර කරගැනීමේ ප්‍රතිඵල මෙහි විස්තර කෙරේ.
  3. සක්මන් භාවනාව තුලින් ඝන සංඥාව දුබල වෙන විට සක්කාය දිට්ඨිය දුබල වී කාම උපාදානයත් දුර්වල වෙනවා නොවේ ද? *** (විදර්ශනා ප්‍රඥාව උත්සාහයෙන් අවදි කරමින් සක්කාය දිට්ඨිය දුබල කිරීමේ වටිනාකම මෙහි දී පැහැදිලි කෙරේ.)
  4. මරණයෙන් පසු අප ගෙන යන්නේ පින් සහ පව් පමණක් ද? *** (භවයෙන් භවය දියුණු කරන භාවිත මනසක් තිබීම වැදගත්ම කාරණය බව මෙහි දී පැහැදිලි කෙරේ.)
  5. උපාදානය නරක කටයුතු සඳහා මෙන්ම සමාජයට යහපතක් වෙන කටයුතු කෙරෙහිත් ඇතිවිය හැකි ද? *** (වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  6. කෘත්‍ය යන වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ දී පෙන්වා දුන් දෝෂය පැහැදිලි කරන්න. ***
  7. දහම් මග ගැන දැඩිව ගැනීම තණ්හාව ද සහ එය මාර්ගය දියුණු කිරීමට අවශ්‍ය ද? *** (ඉතා වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  8. තණ්හාව සහ උපාදානය ගැන දී ඇති මෙම උදාහරණය නිවැරදි ද? ***
  9. අප දහම තුල කටයුතු කරන්නේ ද අත්තවාද උපාදානය තුලින් මමත්වය වැඩි වෙන ආකාරයට නොවේ ද? *** (වටිනා පිළිතුරකි.)
  10. අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත ග්‍රන්ථ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ගැන විස්තරයක් ලබා දෙන්න.
  11. ඇතැම් අවස්ථා වල දී බල්ලන්ට යහපතක් වේ නම් ඔවුන්ට වඳ සැත්කම් කිරීම හොඳ ද? *** (අසරණ වූ සත්වයන් කෙරේ ඇතැම් විට අප කෙතරම් වැරදි ආකාරයෙන් ක්‍රියා කරනවා ද යන්න පිලිබඳ හොඳ උදාහරණයකි.)
  12. භාවනාවක් හොඳින් කිරීමේ දී ශබ්ද ඇසෙන්නේ නැත්තේ ඇයි දැයි ඵස්සය ඇසුරෙන් පහදා දෙන්න.
  13. වේදනා පච්චයා තණ්හා යන්න ක්‍රියාවක් නොවේ නේ ද? *** (වටිනා පිළිතුරකි.)
  14. බුදුරජාණන් වහන්සේ දැක වූ අපගේ සංවරය ඇතිවෙන කරනා පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  15. චිත්ත වීදි විභාගයේ දී පෙර කර්මයක් සම්බන්ද වෙන්නේ කුමන අවස්ථාවේ ද?
  16. බෞධයන් බොහෝ දෙනෙක් දේශපාලන පක්‍ෂ ගැන උපාදනයකින් කටයුතු කරනවා නොවේ ද?
  17. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.