Pragnaven Viyapathvemin (ප්‍රඥාවෙන් වියපත් වෙමින්)

ප්‍රඥාවෙන් වියපත් වෙමින් දේශන මාලාව.

Pragnaven Viyapathvemin (ප්‍රඥාවෙන් වියපත් වෙමින්) යන ඉතා වටිනා දේශනා මාලාව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 දී සිදුකරන ලදී. මෙම දේශනා මාලාව සර්වෝදය විශ්ව නිකෙතන් සාම නිවහන මගින් සිදුකල ආරාධනයක් මත සිදුකල අතර එය දේශනා 10 කින් සමන්විත වේ. 

මෙම දේශනා මාලාව වර්ථමාන සහ අනාගත ලංකික පරපුරට බොහෝ වැදගත්වන බැවින් එම මාලාව සංරක්ෂණය කිරීම සඳහා අප මෙම වෙබ් පිටුව ආරම්භ කළෙමු. මෙම එක් එක් දේශනා පිලිබඳ කෙටි විස්තරයක්ද සහිතව ශබ්ද සංස්කරණය කල හඬපටය සහ වීඩියෝ පටයට යොමුවතන් සහිතව පහතින් ඉදිරිපත් කරනෙමු. 

  1. ප්‍රඥාවෙන් වියපත් වෙමින් දේශන මාලා අංක: 01 – කලළ විය (21-02-2021): මෙම ධර්ම දේශනාව වර්ථමානයේ විවාහ වීමට බලාපොරොත්තුවෙන තරුණ තරුණියන් හට බෙහෙවින් වැදගත් වේ. එසේ වනුයේ මෙය, වාසනාවන්ත දරුවකු මෙලොවට බිහිකරලීමට නම් එම දරුවා මව් කුස පිරිසිඳ ගැනීමටත් පෙර සිටම දෙමාපියන් විසින් අනුගමනය කලයුතු පිළිවෙත් පිළිබඳව සිදුකල ඉතාම වටිනා දේශනාවක් වන බැවිනි. බිහිවීමට සිටින දරුවාගේ කායික, මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය, හැඩගැස්වීමට මව් කුස පිරිසිඳ ගැනීමට පෙර කාලයේ මව සහ පියා පිළිපදින ආකාරය අනුව හැකිවෙන බව අපගේ පැරැන්නන් දැනුවත් වී තිබුණු අතර එම ක්‍රියා පිළිවෙත මෙහිදී අපට විවර කෙරේ.      ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න.   දේශනාවේ වීඩියෝ පටය මෙතන click කර ලබාගන්න.
  2. ප්‍රඥාවෙන් වියපත් වෙමින් දේශන මාලා අංක: 02ළදරුවිය (21-03-2021): මෙම ධර්ම දේශනාව වර්ථමානයේ ළදරුවන් ඇති දෙමාපියන් හට ඉතාම වැදගත් වේ. එමෙන්ම විවාහක තරුණ දූපුතුන් ඇති දෙමාපියන් මෙම දේශනාව හොඳින් ශ්‍රවනය කර තම දරුවන්ට ලබාදීම වැදගත් වේ. දරුවකු ඉපිද වසර එක හමාරක කාලය තුලදී එම දරුවාගේ කායික, මානසික සහ අධ්‍යාත්මික දියුණුව පිණිස අත්‍යවශ්‍ය වන කරනා පිළිබඳව වැදගත් පැහැදිලිකිරීමක් මෙහි ඇතුලත් වේ.                                                                  ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න.   දේශනාවේ වීඩියෝ පටය මෙතන click කර ලබාගන්න.
  3. ප්‍රඥාවෙන් වියපත් වෙමින් දේශන මාලා අංක: 03මුල් ළමා විය (25-04-2021):                                                                                      බුදුදහමේ දැක්වෙන කරුණු ඇසුරුකොට මුල් ළමා වියහි ගතකරන දරුවකුගේ කායික සහ මානසික සංවර්ධනය ඇතිකිරීමට මෙන්ම එම දරුවාගේ අධ්‍යාත්මික අවධිවීම ඇතිකිරීමටත් සිදුකල යුතු කරනා මෙම වටිනා දේශනාවෙන් ඉදිරිපත් කෙරේ.
    මේ සඳහා අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සංයුක්ත නිකායේ ආහාර සූත්‍රය ඇසුරු කොට ඉතාම ප්‍රයෝගික ආකාරයෙන් දහමේ කරුණු මිනිස් ජීවිතයේ මුල් ළමා වියේ සංවර්ධනයට බලපාන ආකාරය පැහැදිලි කරන සේක.  ආහාර සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතන click කරන්න.                                                            දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න.      දේශනාවේ වීඩියෝ පටය මෙතන click කර ලබාගන්න.

 

Share this with others as a gift of Dhamma!

1 thought on “Pragnaven Viyapathvemin (ප්‍රඥාවෙන් වියපත් වෙමින්)

  1. Pingback: Pragnaven Viyapathvemin (ප්‍රඥාවෙන් වියපත් වෙමින්) | Damsara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.