කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය. (16-11-2021)

අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය පිලිබඳ මෙම ධර්ම දේශනාව ඉතාම වැදගත් මාතෘකාවක් පැහැදිලි කෙරෙමින් සිදුකෙරෙන වටිනා ධර්ම දේශනාවකි.  එය එසේ වන්නේ මෙය නිවන පැහැදිලි කෙරෙන තවත් ආකාරයක් වෙන නිසාවෙනි.  ආශ්වාදය ලෙස සුඛ සෝමනස්ස ස්වභාවය ගන්නා ආකාරය, ආදීනවය ලෙස අනිත්‍ය සහ විපරිනාමය ඇතිකරමින් සිදුවන පරිවර්තනය, දවන තවන ගතිය, යන ආකාරයෙන් ආශ්වාදය සහ ආදීනවය පැහැදිලි කෙරේ.

ආශ්වාදය පමණක් ඉතිරි කර ගනිමින් ආදීනවය ඉවත්කර දැමිය නොහැක්කේ ඇයිදැයි මෙහි හොඳින් පැහැදිලි කෙරේ.  ආදීනවය බැහැරකළ යුතු නම් ආශ්වාදයට ඇති ඇල්මද බැහැර කරමින් නිස්සරණය ලබා ගැනීමේ ප්‍රතිපදාවට අප එළඹිය යුතු වේ. 

“කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“කාමයන්ගේ ආශ්වාදය ආදීනව හා නිස්සරණය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ සංයුත්‌ත නිකායේ, ඛන්ධ වර්ගයේ, ඛන්ධ සංයුක්තයේ එන පළවැනි අස්‌සාද සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: පළවැනි අස්‌සාද සූත්‍රය.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.