භාවනාවේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු – (20-09-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.

භාවනාවේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු පිළිබඳව සිදුකර ඇති මෙම ධර්ම දේශනාවේ භාවනාවට නවක සහ ප්‍රවීන සැමට වැදගත් වන කරුණු වලින් සමන්විත වේ.

බෞද්ධ මග හොඳින් ප්‍රගුණ කරන සෑම දෙනාම වාගේ සිත දියුණු කිරීම සඳහා භාවනා කිරීමට ඕනෑකමක් දක්වති. එනමුත් අප සෑම දෙනාටම භාවනාව කරගෙන යාමේදී නොයෙක් ප්‍රායෝගික ගැටළු මතුවේ. සමථ, විපස්සනා භාවනා ගැන හැඳින්වීම් සහ ලක්ෂණ, ගුරු උපදෙස් ලබන්නේ සහ නොගන්නේ කවර අවස්ථා වලදීද, තමන්ගේ සිත වැඩකරන ආකාරය නිරීක්ෂනය සහ අධ්‍යනය කිරීමේ ඇති වැදගත්කම  යනාදී පැහැදිලි කිරීම ඇතුළුව ඉතා වැදගත් ප්‍රායෝගික කරුණු රැසක් මෙම දේශනාවේ අඩංගු වේ.

මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

මෙම වටිනා දේශනාවට පාදක වූයේ ඛුද්‌දක නිකායේ, අපදාන පාලියේ භික්ඛු අපදාන 1 සඳහන් සාරීපුත්‍රථෙරාපදානයේ පහත සඳහන් ගාථා රත්නයයි;
එම ගාථාව ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න:
සාරීපුත්‍රථෙරාපදානයේ 286 (යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං…)

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 20 දින සියත රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, කළුබෝවිල ජීවත්වූ දැනට අවුරුදු 19 කට පෙර අභාවප්‍රප්ත වූ ජීවා ප්‍රතාපසිංහ පියාණන් ඇතුළු මියගිය ඥාතීනට පිං පිණිස දීප්ති ප්‍රතාපසිංහ දියණිය විසින් සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.