ක්‍ෂණ සම්පත්තිය. (24-09-2021)

අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

ක්‍ෂණ සම්පත්තිය, බුදුරජාණන්වහන්සේ විසින් සෑම උදැසනකම භික්ෂුන් වහන්සේලාහට සිහිකරදුන් වැදගත් කරුණු පහට අයත්වූ ඉමහත් වටිනා ධර්මයකි. මෙම ධර්මය අප සියළු දෙනා මැනවින් පරිශීලනය කර පුරුදු පුහුණු විය යුතු දෙයකි. ක්‍ෂණ විපතියට පත් නොවී ක්‍ෂණ සම්පත්තිය ඇතිකර ගැනීමේ වැදගත් කම සහ එය ලඟා කරගන්නා මාර්ගය පිළිබඳව මනා අවබෝධයක් මෙම දේශනාවෙන් ලබාගත හැක.

මෙම වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම දූ දරු වැඩිහිටි සෑම දෙනා හටම ඉමහත් වැඩදායක වනු ඇත.

ක්‍ෂණ සම්පත්තිය ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

ක්‍ෂණ සම්පත්තිය ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූ ඛුද්දක නිකායේ, අපදානපාළි-1, බුද්ධාපදානයේ, උපාළි ස්ථවිරාපදානයේ ඇති 578 වන ගාථා රත්නයයි. එම ගාථාව ත්‍රිපිටකයේ මෙම යොමුවෙන් කියවන්න: උපාළි ස්ථවිරාපදානය.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 24 වෙනි දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, වසර අටකට පෙර අභාවප්‍රාප්ත වුනු නීතීඥ කරුණාදාස ජයවර්ධන මහතා ඇතුළු මියගිය ඥාතීන්ට පිං පිණිස මාතර, පඹුරණ වාසය කරන විශ්‍රාමික විදුහල්පති කේ. කේ. ධර්මදාස මහතා ඇතුළු පවුලේ සියලු දෙන විසින් සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.