ශීලය. (04-06-2022)

ශීලය පැහැදිලි කරමින් වර්ෂ 2022 ජුනි මස 04 වෙනි දින සියස රූපවාහිනියෙන්, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම ධර්ම දේශනාවේ ශීලය පිළිබඳව බොහෝ බෞධයන් එතරම් නොදන්නා සමහර කරුණු ඇතුලත් වේ.
ඒවා නම්;

  1. ශීලය යනු මානසික, කායික සහ වාචසික සංවරය මත පිහිටා නොකළයුතු දේ නොකිරීම සහ කලයුතු දේ කිරීම වේ.
  2. එමෙන්ම ශීලය නිර්වාණ ප්‍රතිපදාවේ පදනම වන අතර ශීලය ගුණය සහ නුවන අවධි කිරීමට හේතුවේ.
  3. ශීලය පාරමිතාවක් වෙන්නට නම් ශීලයෙන් සමාධිය සහ ප්‍රඥාව උපදවා ගැනීම කලයුතු වේ.
  4. ශීලය පාරමිතාවක් හැටියට භවයෙන් භවයට ඉදිරියට යන්නේ කෙසේද?
  5. ඇතැම් අයට පන්සිල් රැකීම පහසු වන්නේ කෙසේද?
  6. ගසකින් කොලයක් කැඩීමෙන් වැළකීමෙන් වැනි සියුම් කරුණකින් ශීල පාරමිතාව උසස් වන්නේ කෙසේද?
  7. සතිය සහ සම්පජඤ්ඤය ශීලයට අන්‍යෝන්‍ය වශයෙන් බලපාන්නේ කෙසේද?

යන කරුණු වේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ, උපෝසථ වර්ගයේ එන පඨම අට්ඨඞ්ගුපොසථ සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: පඨම අට්ඨඞ්ගුපොසථ සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01