සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 22 – ප්‍රඥාවන්ත කුසල ප්‍රාර්ථනා ) 05-03-2023

ධර්ම විනිශ්චය අංක: 22 – ප්‍රඥාවන්ත කුසල ප්‍රාර්ථනා. (05-03-2023)

මෙවර සුගත පද විවරණ, ප්‍රඥාවන්ත කුසල ප්‍රාර්ථනා වල ඇති වැදගත්කම පෙන්වා දෙමින් ඉතා වටිනා පිවිසුමකින් ආරම්භ කරන ලදී.  දාන ආදී පිංකම් සහ කුසලයන් අප කෙසේ කුමන ආකාරයෙන් සිදුකල යුතුද, මියගිය ඥාතීන් සඳහා සිදු කෙරෙන දාන ආදී පිංකම්, පින් ලබාගැනීම සඳහා අවශ්‍ය වෙන කරුණු සහ එසේ පින් ලබාගත හැකි අවස්ථා කවරේද යන ලොකු කුඩා බෞධයින් හට ඉතා වටිනා කරුණු මෙහි දී පැහැදිලි කෙරේ. 

විශේෂයෙන්ම කුසලයක් සිදුකරන සෑම අවස්ථාවකම අප ප්‍රඥා සම්පන්න ප්‍රාර්ථනාවක් ඇති කරගත යුත්තේ මන්ද යන කරුණ එතරම් ප්‍රකට නැති එහෙත් ඉතාම වැදගත් වෙන ධර්ම කරුණෙකි.  එවන් වටිනා කරුණු රැසක් මෙවර සුගත පද විවරණ ධර්ම සාකච්ඡාවේ ඇතුලත් වේ.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

 

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.