බුදුන්වහන්සේගේ, දෙවියන්ගේ සහ යක්‍ෂයන්ගේ අඩවිය.

අභයගිරි ස්ථුපයේ කෙළවරක පිහිටි ඉතා මනරම් වූ බුද්ධ ප්‍රතිමාව සහිත බෝධිය.

අක්කර පන්සියයක භූමිභාගයක පිහිටි අභයගිරි විහාර සංකීර්ණය ලෝකයේ ඇති සුවිශාලතම ඉපැරණි නටබුන් අතර වැදගත් තැනක් ගනී. එමෙන්ම එය ලංකාවේ වැදගත්ම බෞද්ධ සිද්ධස්ථානයක් ද ලෙසින් ප්‍රසිද්ධියක් උසුලයි. අනුරාධපුර ඉතිහාසයේ ස්වර්ණතම යුගයේදී සියවස් ගණනාවක් යනතුරුම එම පින්බිම ආර්ය සංඝයාවහන්සේලා පන්දහසකට වඩා නිරතුරුව වැඩසිටි භූමියක් ලෙස පැවතිනි. එකල සෝවාන් තත්වයටවත් පත්නොවූ සංඝයාවහන්සේනමක් අනුරාධපුරයෙන් සොයාගැනීම දුෂ්කරදෙයක් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එනමුදු අද දිනයේදී අභයගිරිය දෙවියන්ගේ, යක්‍ෂයන්ගේ සහ බුද්ධ ශ්‍රාවකයන්ගේ යන මේ සියල්ලන්ගේම අඩවියක් ව පැවතේ.

  • බැතිමතුන් බොහෝදෙනා මෙහි පැමිණ තමතමන්ගේ භෞතික දියුණුවට අදාල දේවල් සඳහා ආයාචනා කරති. ලෙඩරෝග වලින් සුව වී වැඩිකල් ජීවත්වීම, විභාග වලින් සමත් වීම, පිටරට වෙත සංක්‍රමණය, හිතගත් කෙනා ලබාගැනීම ආදීය මෙයට අයත් වේ.
  • අභයගිරිය වාසභූමිය කරගෙන ඉතා බලවත් යක්‍ෂයකු සහ ඔහුගේ පරිවාර සේනාවක් සිටිනා බවට බොහෝ ලාංකිකයන් සහ එම ප්‍රදේශයේ වෙසෙන්නන් අතර විශ්වාසයක් පවතී. අභයගිරියට අද ‘බැතිමතුන්’ බොහෝදෙනෙක් පැමිණෙන්නේ එම බලවේගයන් භාවිතා කර තම සතුරන් හට හානි පැමිණවීම සඳහාය.
  • ඒ අතර ම බුදුරජාණන්වහන්සේගේ මාර්ගයේ ගමන්කරන පිරිසක්ද අභයගිරියට පැමිණෙති. එනමුදු ඔවුන් මෙම පින්බිම ස්වකීය භාවනාව සඳහා යොදාගන්නේ ඉතාමත් මද වශයෙනි.

එම මනරම් සුවිශාල පින්වත් භුමිය භාවනා පුහුණුවට අනර්ඝ ස්ථානයකි. එහි ඇති වැලි මළුව යෝගීන් සිය ගණනකට වුවද පහසුවෙන් සක්මන් භාවනාව පුහුණු වීමට තරම් ඉඩඇති ප්‍රදේශයකි. දහවල් කාලයේ වුවද බැතිමතුන් නොපැමිණෙන අවශේෂ ප්‍රදේශ ස්ථුපය පිහිටි ප්‍රදේශයේ පවතී. රාත්‍රී 7.30 පසුවන විට මුළු භුමිභාගයම පාළු, බැතිමතුන්ගෙන් හිස් බිමක් වන්නේ ය.

අති පූජනීය උඩඊරියගම ධම්මජිව මහා තෙරුන්වහන්සේ වර්ෂ 2018 දී පැවැත්වෙන ජාත්‍යන්තර යෝගීන් 50 දෙනෙකුට දින පහක නේවාසික භාවනා වැඩමුළුවක් සඳහා මේ පින්බිම තෝරාගත්තේ එබැවිනි.

ඉහත සඳහන් මූලාරම්භය එම මහා තෙරුන්වහන්සේගේ තවත් වැදගත් සහ දුර්ලභ ධර්ම ඛණ්ඩ තුනකට අපව යොමු කරයි.

  • පළමු ධර්ම ඛණ්ඩයේදී තෙරුන්වහන්සේ කතරගම දෙවිඳුන් අමතා බුද්ධ පුත්‍රයන් සහ බුද්ධ දුහිතෘන් දෙවියන් හට වඩා වටිනා සහ උතුම් වන්නේ ඇයිද යයි පැහැදිලි කරයි. මෙය විනාඩි 09ක් දිග වේ.
  • දෙවන ධර්ම ඛණ්ඩයේදී තෙරුන්වහන්සේ සංඥාවේ අනිත්‍යබව තුලින් අනිත්‍යතාවය අවබෝධ කරගැනීම විස්තර කරති. එම ක්‍රමය අනිත්‍යතාවය අවබෝධ කරගැනීමට ඉතා ප්‍රායෝගික මගපෙන්වීමක් වේ. මෙය විනාඩි 57ක් දිග වේ.
  • අවසාන ධර්ම ඛණ්ඩයේදී ස්වාමින්වහන්සේ ඉතා විරල දේශනාවක් ලෙස සංඛාර උපෙඛාවෙන් නිවනට පත්වීම පැහැදිලිකරයි. එය විනාඩි 71 දිග වන අතර සම්පුර්ණ දේශනාවම වශයෙන් මෙහි ඉදිරිපත්කර ඇත. එය පටිගත කරන ලද්දේ මෑතකදී සිදු කල ප්‍රථම සති පිරිවෙන් වැඩසටහනේදී කල අවසන් ධර්ම දේශනාවෙනි.

මෙම වටිනා ධර්ම ඛණ්ඩයට සවන් දෙන ආකාරය පහතින් සඳහන් වේ.

  1. වෙබ් අඩවිය තුලින් සවන් දීමට: පහත සඳහන් web Link (වෙබ් සබඳතාවය) මත click කරන්න.
  2. ධර්ම ඛණ්ඩය බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.
  1. බුද්ධ පුත්‍රයන් සහ බුද්ධ දියණියන් දෙවියන්ට වඩා උසස් වේ. 
  2. සංඥාවේ අනිත්‍යබව තුලින් අනිත්‍යතාවය අවබෝධ කරගැනීම. 
  3. සංඛාර උපෙඛාවෙන් නිවනට. 

සියලුම කෙටි ධර්ම ඛණ්ඩ ගොනු කර ඇති වෙබ් පිටුවට පිවිසීමට මෙතැන click කරන්න.

5 thoughts on “බුදුන්වහන්සේගේ, දෙවියන්ගේ සහ යක්‍ෂයන්ගේ අඩවිය.

  1. Many blessings to ven dhammajeeva hamudurowo to you and the team for extending such a service that I cannot express in words. I feel blessed to have access to such deep knowledge online. Hope abayagiri will become the centre to the whole world to preserve such knowledge and i would like to be part of it. Budu saranai

Leave a Reply to Dilhani Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.