බොහෝ දෙනා අසාර්ථක වෙන්නේ අධික ආශාව නිසා. (03-02-2023)

පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් වර්ෂ 2023 පෙබරවාරි මස තුන්වන දින ”ලොවක් විනිවිද දකින්න” යන තේමාව යටතේ සිදු කල මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ පහත සඳහන් කරුණු නිසාවෙනි.

  1. බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට සිදුකල පාරමිතා පිරීම යනු කුමක්ද සහ ඒවා මිනිස් බව ලැබූ අප දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රායෝගික ප්‍රතිඵලයන් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් පහදා දීම.
  2. කාමච්චන්දය හෙවත් අධික ආශාව, ව්‍යාපාදය හෙවත් ගැටෙන ගතිය, ථීනමිද්ධය හෙවත් සිතේ මැලි ගතිය, උද්දච්ච කුක්කුච්ච හෙවත් සිතේ නොසන්සුන්කම සහ පසුතැවීම, විචිකිච්චාව හෙවත් සැකය යන පංච නීවරණ ප්‍රායෝගික ජීවිත තුලින් පැහැදිලි කරමින් ඒවා අභිභවා යාමට අවශ්‍ය මානසික ශක්තිය, ධර්මතා උපදවා ගන්නා ආකාරය මහා බෝසත් චරිතයේ පාරමිතා ඇසුරින් මනා ලෙස පැහැදිලි කිරීම.
  3. දානය, ශීලය, යනාදී පාරමිතා ධර්ම චිත්ත චෛතසික ධර්මයන් ඇසුරෙන් දියුණු වීම නිසා ඇතිවෙන ප්‍රමෝදය තුලින් වර්ධනය වෙන ආකාරය ප්‍රබල ලෙස පැහැදිලි කිරීම.
  4. නෙක්ඛම්ම සංකල්පනා විතක්ක චෛතසිකයේ ක්‍රියාකාරීත්වය ඇසුරු කරගෙන ඉතා ප්‍රායෝගිකව ලෞකික සහ ලෝකෝත්තර මාර්ගයේ දියුණුව සඳහා යෙදෙන ආකාරය පැහැදිලි කිරීම.
  5. ප්‍රඥාව සහ වීර්ය පාරමිතාවන් ප්‍රායෝගිකව දියුණු කරමින් මානසික ශක්තිය දියුණු කරන ආකාරය මනාලෙස පැහැදිලි කිරීම.
  6. ඛන්තී, සත්‍යවාදී බව, අධිෂ්ඨාන, මෛත්‍රිය සහ උපේක්‍ෂාව යන ගුණාංග, ශක්තීන් ලෙස දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම.
Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.