සිත තත්වගත කිරීම අනිච්චානුපස්සනාවේ යෙදීම නොවේ.

සමාධි බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර ශ්‍රී ලංකාව

සමාධි බුද්ධ ප්‍රතිමාව, අනුරාධපුර, ශ්‍රී ලංකාව.

අනිත්‍යතාවය අවබෝධ කරගැනීම ආර්ය මාර්ගයේ වැදගත් සංදිස්ථානයක් වන බව ඒ සඳහා වෙරවීර්ය වඩන බෞධයන් මැනවින් දන්නා කරුණක් වේ.

එනමුදු ඒ උදෙසා ඔවුන් ගන්නා ක්‍රියා මාර්ගයන් විවිධාකාර වන අතර ඒවා ඇතැම් විට බුදුරජාණන්වහන්සේගේ දේශනා වලට පටහැනි වීම හෝ අනුගත නොවීම නිසා වැරදි ක්‍රමවේදයන් තුල සිරවීමට පත්විය හැක. සිත තත්වගත කිරීමෙන් අනිච්චානුපස්සනාවේ යෙදීමට වෙහෙසීම මෙවන් වැරදි ක්‍රමවේදයකි.

මේ පිලිබඳ වැදගත් විමර්ශනයකට මග පෑදුනේ යෝගිනියක් විසින් ලිඛිතව ඉදිරිපත් කල පැනයක් තුලිනි. එය පහත දැක්වේ;

අනිත්‍යය මෙනෙහි කිරීම පිළිබඳ පැනය

සිත තුල අනිත්‍ය මෙනෙහි කිරීමෙන් අනිච්චානුපස්සනාවක් වර්ධනය නොවේ. ඒ සඳහා ක්‍රමික පිළිවෙතක් බුදුරජාණන්වහන්සේ ආනාපානසති සුත්‍රය තුලින් අපට දේශනා කළහ. ඒ ගැන ඉතා වටිනා ධර්ම ඛණ්ඩයක් පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපාදයාණන්ගේ දේශනාවකින් උපුටා පහත දක්වා ඇත.

ආනාපානසති සූත්‍රයෙන් දැක්වෙන අනුක්‍රමික දියුණුව.

මෙම ධර්ම ඛණ්ඩය උපුටා ගන්නා ලද්දේ ස්වාමිපාදයාණන් විසින් මීතිරිගල නිස්සරණවන සේනාසනයේදී පවත්වන එක්දින භාවනා වැඩ සටහන් මාලාවෙනි. එම වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.