මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව

වැලිකඩ සිරගෙදර සක්මන් භාවනාව: ගරු ස්වාමීන්වහන්සේ  සමග ගිය ඇතැම් අයද සිරකරුවන් සමග එකතුව මෙහිදී භාවනාවේ යෙදුනහ.

මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ අති පුජනීය උඩඊරියගම ධම්මජිව ස්වාමිපදයාණන් වහන්සේ මෑත දිනයකදී වැලිකඩ සිරගෙදරදී එහි රැඳවියන් සඳහා භාවනා වැඩසටහනක් පැවැත්වුහ. එම රැඳවියන් භාවනාවේ ඉතා ඕනෑකමකින් නියැලුණු බව වෙනත් දිනයකදී කුරුණෑගල දහම් මැදුරේදී පැවැත්වූ භාවනා වැඩසටහනකදී ස්වාම්න්වහන්සේ සඳහන් කළහ. පහත සඳහන් එම විනාඩි 07 ක  ධර්ම කාණ්ඩයට සවන් දීම වැදගත් වනුයේ කාරණා දෙකක් නිසාවෙනි. එනම්;

  1. කෙතරම් ආතතිගත, බියකරු තත්වයක දිවි ගෙවන මනුෂ්‍යයෙකුට වුවද භාවනාවට සාර්ථකව අවතීර්ණ වීමට අවකාශයක් ඇත. එය මනුෂ්‍යත්ව උපතේ ඇති විශිෂ්ටවූ එක් වැදගත්කමකි.
  2. පෝරකයට නියමවීම නිසා ඇතිවන මරණය පිලිබඳ භය සහ එහි ඇති නියත ස්වභාවය එවැනි උනන්දුවක් ඇතිකිරීමට හේතු වුවා විය හැක. එනමුදු පෝරක භයට මුහුණ දීමට සිදු නොවන සිරගෙදරින් පිටත සිටිනා අවශේෂ බොහෝදෙනා හට එවැනි උනන්දුවක් ඇති නොවේ. මරණය අප කාහටත් එකසේ සලකන බව ඔවුනට අමතක වේ.

ඉන්පසුව දෙවනුව සඳහන් කර ඇති ධර්ම ඛණ්ඩයද වැදගත් වනුයේ භාවනා කමටහන් පිරිසිදු කිරීමේ අරමුණ සහ අවශ්‍යතාවය ඒ තුලින් මැනවින් පැහැදිලි වන නිසාවෙනි. පුහුණුව තුලින් යෝගියා යොමුකරණ දිශාව එයින් මැනවින් සහ කෙටියෙන් විවරණය වේ. එය විනාඩි 06 ක ධර්ම ඛණ්ඩයකි.


ධර්ම ඛණ්ඩ බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

වෙබ් අඩවිය තුලින් සවන් දීමට: ධර්ම ඛණ්ඩයට පහතින් ඇති ප්ලේයරයෙහි (audio player) ආරම්භයේ ඇති ඊතලය මත click කරන්න.

  1. 120. මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව
  2. 121. කමටහන් පිරිසිදු කිරීමේ අදහස

සියලුම කෙටි ධර්ම ඛණ්ඩ ගොනු කර ඇති වෙබ් පිටුවට පිවිසීමට මෙතැන click කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.