බුදුරදුන් දෙසු ‘සතිය’, බටහිර Mindfulness හා සමාන නොවේ.

Sati in the Buddhist Path is a shining Light. බුදුදහමේ දැක්වෙන සතිය ආර්ය මාර්ගය මැනවින්  ආලෝකමත් කරන රශ්මි කදම්බයකි.

බුදුරදුන් දෙසු ‘සතිය’ වර්තමානයේ බටහිරින් නැගෙන ‘mindfulness’ හා කෘත්‍ය වශයෙන් සමාන නොවේ. වර්තමානයේ බටහිර ලෝකයේ ප්‍රචලිත ‘mindfulness’ ක්‍රම වේදය බොහෝවිට සිංහල භාෂාවට පරිවර්තනය කරනුයේ ‘සතිය’ ලෙසිනි. මෙය බෞධයන් ව්‍යාකුල කර නොමග යැවීමකට හැකියාව ඇති නිසා ඒ පිලිබඳ දැනුවත්වීම අපහට ඉතා වැදගත් වේ.

පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ බුදුදහමේ සඳහන් සතියේ කෘත්‍ය පිළිබඳව පහත සඳහන් ධර්ම ඛණ්ඩයෙන් අපහට කරන පැහැදිලි කිරීම ඉතා වටිනා වේ.

මෙම ධර්ම ඛණ්ඩය විනාඩි 06 ක් වේ.

මෙම වටිනා ධර්ම ඛණ්ඩයට සවන් දෙන ආකාරය පහතින් සඳහන් වේ.

  1. වෙබ් අඩවිය තුලින් සවන් දීමට: පහත සඳහන් web Link (වෙබ් සබඳතාවය) මත click කරන්න.
  2. ධර්ම ඛණ්ඩය බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

116. බුදුරදුන් දෙසු ‘සතිය’ වර්තමානයේ බටහිරින් නැගෙන ‘mindfulness’ හා සමාන නොවේ.

මෙම වටිනා ධර්ම ඛණ්ඩය උපුටා ගන්න ලද්දේ පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කල ප්‍රථම නාථකරන සුත්‍ර දේශනාවේ අවසාන ධර්ම දේශනාවෙනි. එම දේශනාවලිය සිදු කරන ලද්දේ 2016 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී පැවත් වූ නේවාසික භාවනා වැඩ මුළුවක දීය.

එම සම්පුර්ණ දේශනා වලිය ඇති වෙබ් අඩවි පිටුවට ඇතුළු වීමට මෙතන click කරන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.