තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බුදුරදුන් පෙන්වා දුන් ක්‍රමය.



බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයේ ගමන් කර සෝවාන් ආදී මාර්ග ඵල ලබාගැනීම මාර්ග පුහුණුවේ යෙදෙන සෑම බෞද්ධයන්ගේම අරමුණ වේ. එම ආර්ය මාර්ගයේදී අප අත්විඳින නොයෙකුත් අත්දැකීම් ඇතැම්විට අප නොමග යවනවා විය හැක. එවැනි පසුබිමක තමන් තුල ඇති එම සැකය දුරුකර ගැනීමට සම්මා සම්බුදු රජාණන් විසින්ම දේශිත මෙම ක්‍රමවේදය අපහට ඉමහත් සේ වැදගත් වේ.

මේ පිළිබඳව පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ත්‍රිපිටකය ඇසුරෙන් සහ තම භාවනා ඥානය ඇසුරෙන් අපහට කරන පැහැදිලි කිරීම ඉතා වටිනා වේ.

මෙම ඉතා වටිනා ධර්ම ඛණ්ඩය විනාඩි 17 ක් වේ.

මෙම ධර්ම ඛණ්ඩයේ සඳහන් වන සුත්‍ර තුන ත්‍රිපිටකය වෙබ් අඩවියෙන් ලබාගතහැකි වෙබ් පිටු ලිපිනයන් පහතින් දැක්වේ.

මහානාම සූත්‍රය
සොපාදිසෙස සූත්‍රය
කෝසම්බිය සූත්‍රය

මෙම වටිනා ධර්ම ඛණ්ඩයට සවන් දෙන ආකාරය පහතින් සඳහන් වේ.

  1. වෙබ් අඩවිය තුලින් සවන් දීමට: පහත සඳහන් web Link (වෙබ් සබඳතාවය) මත click කරන්න.
  2. ධර්ම ඛණ්ඩය බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

117. තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බුදුරදුන් පෙන්වා දුන් ක්‍රමය.

මෙම වටිනා ධර්ම ඛණ්ඩය උපුටා ගන්න ලද්දේ පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කල ප්‍රථම නාථකරන සුත්‍ර දේශනාවේ අවසාන ධර්ම දේශනාවෙනි. එම දේශනාවලිය සිදු කරන ලද්දේ 2016 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී පැවත් වූ නේවාසික භාවනා වැඩ මුළුවක දීය.

එම සම්පුර්ණ දේශනා වලිය ඇති වෙබ් අඩවි පිටුවට ඇතුළු වීමට මෙතන click කරන්න. 

සියලුම කෙටි ධර්ම ඛණ්ඩ ගොනු කර ඇති වෙබ් පිටුවට පිවිසීමට මෙතැන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.