අකුසල සමාපත්තිය සහ මනාප අමනාප හඳුනාගැනීම.

ආර්ය මාර්ගයේ ඉහලට නැගීම පියගැට පෙළක ගමන්කිරීමක් වැනිය. එක් පියගැට පෙළක සිට අනිත් පියගැට පෙළ ආරම්භයට පෙර කුඩා සමතලාවකි. එතැනින් ඉහලට නගින ආකාරය පෙරට වඩා මදක් වෙනස් වේ. මේ ඡ‍ායාරෑපය ඉපැරණි රිටිගල අරණ්‍ය සේනාසනයෙනි.

සියළුම භාවනා යෝගීන් හට ශබ්ද, සිතුවිලි සහ ශාරීරික වේදනා නිසා ඇතිවන බාධා වලට මුහුණ දීමට සිදුවේ. එම බාධා නිසා පීඩාවට පත්වෙමින් අකුසල් තුල ගැලීසිටීම බොහෝවිට සිදුවන්නකි. මේ තත්වය මැඩගෙන ඉදිරියට යාමට ඇතැම් අයට වසර ගණනාවක් භාවනාව පුහුණුවේ යෙදුනද අපහසු වෙනවා විය හැක.

මේ පිළිබඳව ඉතා වැදගත් විවරණයක් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින්වහන්සේ විසින් සිදුකල ධර්ම දේශනාවක ගැබ්වී ඇත. පහත දැක්වෙන ධර්ම ඛණ්ඩ දෙක සකස්කරන ලද්දේ වර්ෂ 2017 පෙබරවාරි මාසයේ 25වෙනි දින කොළඹ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සිදු කල ධර්ම දේශනාවෙනි.

මෙම වටිනා ධර්ම ඛණ්ඩයට සවන් දෙන ආකාරය පහතින් සඳහන් වේ.

  1. වෙබ් අඩවිය තුලින් සවන් දීමට: පහත සඳහන් web Link (වෙබ් සබඳතාවය) මත click කරන්න.
  2. ධර්ම ඛණ්ඩය බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

119. අකුසල සමාපත්තිය සහ මනාප අමනාප හඳුනාගැනීම.

120. සෝවාන් පුද්ගලයාගේ මනාප අමනාප පිලිබඳ පැවැත්ම

එම සම්පුර්ණ දේශනාව ඇති වෙබ් අඩවි පිටුවට ඇතුළු වීමට මෙතන click කරන්න.

සියලුම කෙටි ධර්ම ඛණ්ඩ ගොනු කර ඇති වෙබ් පිටුවට පිවිසීමට මෙතැන click කරන්න.