යම් සංසිද්ධියක ආරම්භයට සිත යොමුකිරීම හෙවත් යෝනිසෝමනසිකාරය

යෝනිසෝමනසිකාරය නමැති හැකියාව දියුණුකිරීමෙන් ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික ජීවිතයේදී අපට ලබාගතහැකි ලාභ ප්‍රයෝජන ගැනයි මේ හඳුන්වාදීම.

සෝවාන් ඵලයට පත්වීමට බලපාන වැදගත්ම ධර්මතාවයක්, හැකියාවක් ලෙස යෝනිසෝමනසිකාරය හැඳිනීම බොහෝ බෞද්ධයන් දන්නා කාරණයක් වේ. එම හැකියාවම අපගේ එදිනෙදා ලෞකික ජීවිතයේදී උදව්වෙන ආකාරය බොහෝදෙනෙක් වැඩිදුර සොයා නොබැලූ වැදගත් අංශයක් බව මඳක් විමසීමේදී අප හට පෙනීයනවා ඇත.

යෝනිසෝමනසිකාරය ගැන අටුවාචාරීන් අර්ථදක්වන්නේ ‘නුවණින් මෙනෙහිකිරීම’ ලෙසටයි. ඒ ගැන නවීන අර්ථකථනය වනුයේ ‘යමක ආරම්භයට සිත නංවාලීමට ඇති හැකියාව.’ ලෙසටයි. යමක මූලයට සිත නංවාලීමට කිසියම් නුවණක් හා දක්‍ෂතාවයක් අවශ්‍ය වියහැකි බව අපට හිතාගැනීමට පුළුවන. මේ හැකියාව නැතිවිට අපි අනවශ්‍ය කතාවල, රණ්ඩු දබරවල, මානසික වේදනාවල, මානසික ආතති වල සිරවී දුක්විඳින හැටි තේරුම් ගැනීමට වටිනා ධර්ම ඛණ්ඩ දෙකක් පහතින් දක්වමු.

මේ ඛණ්ඩයන් අති පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2018, ජනවාරි 17වන දින ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවති සත්දින නේවාසික භාවනා වැඩමුලුවකින් උපුටාගන්නා ලදී. මෙහි පළමුව ඇති විනාඩි 46ක ඛණ්ඩය යෝනිසෝමනසිකාරය පිළිබඳ මනා හැඳින්වීමක් සහ ප්‍රායෝගික ජීවිතයේදී එය අපට උදවු වියහැකි ආකාරය ගැන යම් ඉඟියක් ලබා දේ. දෙවනුව ඇති විනාඩි 15ක ඛණ්ඩය තුලින් යෝනිසෝමනසිකාරය ප්‍රායෝගිකව යොදාගන්නා සරල උදාහරණයක් ස්වාමින්වහන්සේ අපට හඳුන්වාදෙනු ලබන සේක.

එම දේශනා ඛණ්ඩ පහතින් CLICK කර සවන් දෙන්න.

  1. යෝනිසෝමනසිකාරය.
  2. යෝනිසෝමනසිකාරය ප්‍රායෝගිකව යොදාගන්නා සරල උදාහරණයක්.