ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද?

මීතිරිගල නිස්සරණ වනසේනාසනයේ ඉහල ආරණ්‍යයට යාමට ඇති පියගැටපෙළ.

බුදුදහමේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අටනමක් පිලිබඳ විස්තර වේ. ඈත අතීතයේදී මග පිළිවෙත් පිරූ ගිහි පැවිදි දෙපිරිසම එම වන්දනීය තත්වයට සුදුසුකම් ලැබුහ. පුජ්‍යපාද උඩඊරියගම ධම්මජිව මහා තෙරුන්වහන්සේ විසින් සිදුකරන ධර්ම ඛණ්ඩයක විවරණය තුලින් එවන් ගිහි සහ පැවිදි උතුමන් අද දවසෙත් අප අතර සිටිනා බව පැහැදිලිවේ.

  • ප්‍රථමයෙන් මහා තෙරුන්වහන්සේ අනුසය ධර්ම පිළිබඳව වැදගත් පැහැදිලි කිරීමක් සිදුකරනු ලබයි.
  • ඉන්පසුව අනුසය ධර්ම දැකීමට සිත දියුණු කරන ආකාරය පැහැදිලි වේ. එහිදී ශීල ශික්ෂාව  සහ සමාධි ශික්ෂාව දියුණුකර පළමුව වීතික්කම සහ පරිඋට්ඨාන කෙලෙස් මට්ටම් පසුකල යුතුය.
  • අනුසය ධර්ම ක්‍රියාත්මක වන ආකාරය විපස්සනා යෝගින්හට පමණක් ටිකෙන් ටික පෙනෙන්නට පටන්ගැනේ.
  • යම් යෝගාවචරයෙක් ස්‌වකීය විපස්සනා භාවනාවේ දියුණුව තුලින් නිරන්තර වෙනස්වීම අත්දැක එය තහවුරුකරගත් පසු ‘සුතවා අරියසාවකෝ’ යන නාමයට සුදුසුකම් ලබයි. ඔහු හෝ ඇය තවදුරටත් අශ්රුතවත් පෘතුග්ජනයෙක් නොවන බව බුදුරජාණන්වහන්සේ වදාල බව මහා තෙරුන්වහන්සේ පැහැදිලිකරයි.
  • සුතවා අරියසාවක යනු පළමුවන අෂ්ට ආර්යන්වහන්සේ බව මෙහිදී මහා තෙරුන්වහන්සේ තවදුරටත් පැහැදිලිකරයි.
  • මෙහිදී සුතවා අරියසාවක නිරන්තරයෙන් දියුණු, පුහුණුකරන පටිපදාව තලින් ‘සේඛ’ තත්වයට පත්වීමත් පසුව රහත් තත්වයට පත්වීමත් තවදුරටත් පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම ඛණ්ඩයට සවන් දෙන ආකාරය පහතින් සඳහන් වේ.

  1. වෙබ් අඩවිය තුලින් සවන් දීමට: පහත සඳහන් web Link (වෙබ් සබඳතාවය) මත click කරන්න.
  2. ධර්ම ඛණ්ඩය බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

125. ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද?

4 thoughts on “ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද?

  1. This is an encouragement for many. However, those who trust the path of vipassana meditation and understand the teachings of the Garu swameen wahanse already know that the continuous practice of sathi and keeping the mind focus on the moment as much as possible would take everyone who have their best Athapi Veeriya to keep at it will get here. It is not a question that bothers them. It is not a question of when one becomes an aryan whanse for them but it is question of keeping the mindfulness on the moment at every possible moment for the rest of the life when one has learnt to follow the path. Boho pin for encouraging all to follow the path saying it will take us all there for sure if we keep doing it continuously.

  2. many merits for this valuble talk.At the momment iam listening to dasuttara sutta the 2nd talk.makes us feel its worth while our effort.
    Nandani

  3. Very encouraging. Boho pinsiduwewa. We continue our religious practices on daily basis despite minor intentional or unintentional lapses. However, when we hear this kind of comments, we ourselves pave the way to assess on our own the place we stand. The distance we have walked. Wonderful.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.